Motivation Theories ගැන දැන ගනිමු.

මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය

ජීවිතය වෙනස් කරන Motivation Theories ගැන දැනගනිමු.

Motivation

අපි හැමෝටම ජීවත්වීමට යම් හේතුවක්, පෙළඹවීමක් අවශ්‍යයි. නැත්නම් එහි කිසිදු අරුතක් නැතිවෙනවා. ලෝකයේ විවිධ පුද්ගලයින් මෙයට අදාළව motivational theories ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් අපි අද කතා කරන්න යන්නේ Abrham Maslow  නම් මනෝ විද්‍යාඥයාගේ අවශ්‍යතා ධූරාවලි (Hierarchy of Needs) න්‍යායයි(1940-1950).මෙහිදී මිනිසුන් සතු අවශ්‍යතා විවිධ මට්ටම් වලට සකස් කරලා තියෙනවා. යම් මට්ටමක් සපුරා ගන්නා මිනිසා ඉන් නොනැවතී ඊළඟ මට්ටම කරා ළඟාවීමට නිරන්තරයෙන් උත්සාහ ගන්නවා.

මිනිසාගේ බොහෝ අවශ්‍යතා සහජයෙන්ම ලැබී ඒවා අවුරුදු දහස් ගණනක් තිස්සේ  ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වී ඇත.මෙම න්‍යාය මගින් එම පරිණාමය පැහැදිලි කොට තිබෙනවා.

 

       1.පස් අවධ් ආකෘතිය

රූපයේ මුල් කොටසේ ආකාරයට අවශ්‍යතා ධූරාවලියේ පහළම කොටසින් පටන්ගෙන ඉහලම කොටස දක්වා මිනිසෙකුගේ අවශ්‍යතා ශ්‍රේණිය දක්වන්න පුලුවන්.එම අවශයතා මෙලෙස දක්වන්න පුලුවන්.

 

  1. භෞතික අවශ්‍යතා (Physiological Needs) : ආහාර, ජලය, නින්ද, ලිංගිකත්වය යනාදිය මෙන්ම වැඩබිමක දී ප්‍රමාණවත් වේතනයක්, වාතාශ්‍රය, විවේක කාමරය, ප්‍රමාණවත් ආලෝකය, ප්‍රසාද දීමනා. 
  2. ආරක්ෂණ අවශ්‍යතා (Safety Needs) : සොරසතුරන්ගෙන් ආරක්ෂාව, ජීවිත රක්ෂණය,වෛද්‍ය රක්ෂණය, රැකියාවේ සුරක්ෂිත භාවය, විශ්‍රාම සැලැස්ම
  1. සමාජීය අවශ්‍යතා (Social Needs) : ආදරය, සෙනෙහස මෙන්ම රැකියාවේදී; තේ විවේකය, දිවා ආහාර විවේකය, වාර්ෂික විනෝද චාරිකා, රැස්වීම් 
  1. සම්මානනීය අවශ්‍යතා (Esteem Needs) : රැකියාවේ තත්වය, අන්‍යයන්ගේ ගෞරවය, අවශ්‍ය රැකියා පුහුණුව, රැකියාවේ තනතුර, වෙන්කළ වාහන නැවතුම්, උසස්වීම් 
  1. ආත්ම පරිපුර්ණ අවශ්‍යතා (Self-actualization Needs) : තමන් ගේ සුදුසුකම් වලට අනුව රැකියාවේ උසස තත්ත්ව වලට ළඟාවීමේ නිදහස

 

1, 2 සහ 3 මට්ටම වල ඇති කරුණු ප්‍රාථමික අවශ්‍යතා ලෙසත් 4 සහ 5 මට්ටම වල ඇති කරුණු  ද්විතීයක අවශ්‍යතා ලෙසත් මැස්ලෝ විග්‍රහ කර ඇත

 

       2. අට අවධි ආකෘතිය

මෙම දෙවන ආකෘතියේදී කළින් තිබූ අවධි වලට තවත් සාධක එක් කොට ඉදිරිපත් කොට ඇත. එහිදි ඥානාත්මක අවශ්‍යතා,සෞන්දර්යාත්මක අවශ්‍යතා, ස්ව ව්‍යක්තය, උත්තරීතරබව යන අවශ්‍යතා ද මිනිසුන් ඇති කරගන්නා බව Maslow සඳහන් කරනවා.

  1. ඥානාත්මක අවශ්‍යතා (Cognitive Needs) : දැනුම, අර්ථය ආදිය
  2. සෞන්දර්යාත්මක අවශ්‍යතා ( Aesthetic Needs) : ප්‍රශංසා, සමබරතාව, හැඩගැස්ම ආදිය
  3. ස්ව ව්‍යක්ත අවශ්‍යතා (Self-actualization Needs) : ස්වකීය විභවය හඳුනාගැනීම, ස්ව-පුර්ණය, ස්ව වර්ධනය උරගාබැලීම
  4. උත්තරීතරබව (Transcendence) : ස්ව තෘප්තිය උදෙසා අන් අයට උදව් කිරීම

 

මෙම කරුණු යම් උපකල්පන මත එළැඹ ඉදිරිපත් කර ඇති අතර හැම විටම මේවා ප්‍රයෝගික නොවන මුත් අභිප්‍රේරණය පිළිබඳව යම් න්‍යායාත්මක අවබෝධයක් ලබාගැනීම සඳහා මැස්ලෝ ගේ අවශ්‍යතා ධුරාවලිය කදිම උදාහරණයකි. ලොව පුරා බොහෝ කළමනාකරුවන් තම ආයතන වල සේවක අභිප්‍රේරණය සඳහා මැස්ලෝ ගේ න්‍යාය භාවිතා කරයි.

මැස්ලෝ විසින් ගන්නාලද උපකල්පන

  1. පුද්ගලයෙකු සම අවස්ථාවකදීම යම් අවස්යතාවයක් ඉටු කර ගැනීමට උත්සාහ කරයි.
  2. පහල මට්ටමේ අවශ්‍යතාවක් ඉටු වුවහොත් පමණක් ඉහල අවස්ථාවක් කරා ගමන් කරනු ලබයි.
  3. යම් අවශ්‍යතාවක් ඉටුවුවහොත් එය තවදුරටත් පුද්ගලයකු අභිප්‍රේරණය නොකරයි.

 

මේ වගේ තවත් Motivational theory සමඟ නැවත හමුවෙමු.